නිදහසේ දැහැන

*ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි විසින් ජාතික නිදහස වෙනුවෙන් ලියවුනු කවි එකතුවකි.

මිතුරුව එතොත් දූවිලි වුව වැලද ගනු

සතුරැව එතොත් මෙර ගිර වුව පසිද ලනු

හිතු වක්කාර කමකැයි මෙය නො අද හනු

යුතුකම එයයි එහෙයින් එය පුරුදු වනු


සැපතින් තොර ව විපතක් නො යෙදෙ න්නේ

විපතින් තොරව සැපතක් නො ලැබෙ න්නේ

එහෙයින් විපත හොද බව සැ‍‍ලෙකෙ න්නේ

මෙය දන්නවුන් වෙත නිදහස එ න්නේ


වික් මැති පුතුන් තව ඉපදුණෙ නැද්ද කියා

ලක් මව අඩයි සිටිමුද අපි දෙනෙත් පියා

එක්කෝ නිදහස නැතිනම් මරණ කියා

එක් වව් සිංහලුනි බොරු බිය අහක තියා


මගේ රට මගේ ජාතිය මගේ ග

මගේ සත් සිරිත් සහ ජාතික උරු

මගේ වැර‍ෙයන් ම නිදහස් කොට තැබු

මගේ යුතුකමැයි සලකව් හැම දෙන


කාමුක කුහක ලෙ‍ාකු අයගේ නපුරු කමින්

බාගෙට මැරී ඉන්නා දුගියාගෙ නමින්

මාරක විපත් හැම එකටම මුහුණ දෙමින්

පෝරක හතක නොව දහසක නගිමි පෙමින්


මුළු වැර යොදා වැඩ කරතොත්ඇතුව හිත

පුළුවනි අපට බිදුමට ලොකු අයගේ මැත

කුළු ගෙඩි පහර එක පි‍ට දෙක හෙලත මත

පළු පළු නොවන ගොරසැඩි කළු කලක් නැත


අල්ලපු ඉඩමෙ දුප්පත් අසරණයා ගේ

පැල්පත් කඩා ඇද ගන්නට වෙර වේ ගේ

දැල්පිට දැල් දමන දනපති මරුවා‍ ගේ

බෙල්ලට ලණුව නොවැටුණෙ වරද ද?කා ගේ


දුප්පත් අයගෙ සෙවණැල්ලට පවා කිපී

පුප්පන රවන ගොරවන අය සමග හැපී

මක් කා වුනත් කම් නැති බව සිතා තෙපී

එක් වව්! යමවු! ජතික සමගියෙන් දැපී


ලෙක් කන් යයි කියන මේ කාමුක හැත්ත

දුක් මිස අපට සැප නො යොදන බව ඇත්ත

නැත් තට නැති වුනත් නොබලා ඒ පැත්ත

එක්වවු අපි අපි ම කරනට කළ යුත්ත